Friday, May 29, 2015

Access සිංහලෙන් 1

Ms Access කියන්නේ   මූලිකවම  ගෙදර සහ  පොඩි  business වැඩ වලට  ගන්න  පුළුවන්  Relational Database Management System (RDBMS) එකක් , Access ගොඩක් වෙලාවට හඳුන්වන්නේ   desktop database system එකක්  කියල .ඒ කියන්නේ වැඩ ටික ඔක්කොම දුවන්න්නේ තනි  computer එකක. මේකට ප්‍රතිවිරුද්ධ  එක තමයි server database application කියන්නේ ,ඒක   install කරලා තියෙන්නේ  server එකක , ඊට පස්සේ  විවිධ client machine වලට   remotely access කරන්න පුළුවන්. තවද  Ms Access වලට දැන්  desktop solution එක  වගේම web solution එකත් තියනව 2010  version එකේ සිට .කොහොම නමුත් මේ  tutorial එකෙන්  මුලින්ම  desktop solution එක ගැන බලමු.

Access සහ  Excel

Excel හොඳයි පොඩි data ප්‍රමාණයකට , සහ  data වලට ගොඩක්  උපලාක්ෂණික (attributes) නැත්නම්   . ගොඩක්  උපලාක්ෂණික (attributes) තිබේනම් හෝ worksheet කිහිපයක  තොරතුරු  repeat වෙනමනම් Access තමයි  හොඳ .  ඊට අමතරව ගොඩක්  queries සහ  reports generate කරන්න පුළුවන්  .

අපි මෙහෙම පටන්ගනිමු !


1. Database එක සැදීම 

මුලින්ම blank database එකක් හදමු. දැන්  Microsoft Access 2013 open කරන්න , මේ screen දැන් පෙනේවි.  දැන්  Blank desktop database කියන එක තෝරන්න.open වෙනකොට මේ screen එක නැත්නම් File ගිගිල්ල New ගිහිල්ල Blank desktop database කියන එක තෝරන්න. picture එක  බලන්න.


දැන් පහත පරිදි File name එක දාල   Create කියන එක click කරන්න. මම දැම්ම  "SpaceTrips" කියල ඔන්න. ඔයාට  default location එකත් ඔතනදීම වෙන්කරගන්න පුළුවන්. 

ඔය step ටික කරපු ගමන් blank database මේ වගේ පෙනේවි.



මේකෙ තියෙන්නේ එක  table එකයි ( Table1 කියල ) සහ එක column  එකයි (ID කියල ). 
table එකට නමක් දීල තව columns එකතු කරන විදිහ දැන් බලමු.


2. Table එකක්  සැදීම

DBMS වලදී data දාන්න කලින් table එක සැදීම කල යුතුවේ,  MS Access වලදී මේක ගොඩක් ලේසියි .  Normally  new table එකක් හදනකොට , select  

CREATE > Table from the Ribbon toolbar.

දැනටමත් first table එක තියන නිසා එක අපි modify කරමු.  Table1 කියන එක Customers කියල .  columns 4ක් දාමු  CustomerIdFirstNameLastName, සහ  DateCreated කියලා..

 ID field එක  CustomerId කරන්න  ID column එකේ Right-click කරලා  Rename Field කියන එක select කරලා CustomerId කියල වෙනස් කරන්න. 



දැන් next field  එකේ Click to Add කියන එකේ click කරලා, Text කියන එකේ select කරන්න. දැන් හැදුන field එකේ නමත්  වෙනස්කරගන්න.



මේ විදියට  column 4ම දාගෙන නම් කරගන්න මෙන්න මේ වගේ. 


field එකක  datatype එක වෙනස් කිරීම සඳහා  Ribbon toolbar එකේ  field tab එකේ Data Type drop down එකෙන් පුළුවන්. 

 දැන් හරි database table එක හැදුවා. අපි මේක කලේ  Datasheet view එකේ ඉඳලා.දැන් බලමු  Design View එකෙන් පෙනෙන ආකාරය .


3. Design View

මෙතනදී තමයි set up සහ  configure කරන්නේ tables, forms, reports, etc වගේ දේවල් .
Design View එකට යන්න වම් පැත්තෙ උඩ තියන  View icon එක click කරලා Design View කියන එක click  කරන්න.


දැන් නම අහනවා table එකට. එකට Customers කියලා type කරලා ok කරන්න.
ඔන්න දැන් design view එකේ ඉන්නේ.



DateCreated field එකේ click කරලා බලන්න , පහල කොටුවේ  Default Value field එකට =Now() කියලා type කරන්න   Formatfield එකේ   General Date කියන එක සෙලෙක් කරන්න. මෙහෙම කලාට පසුව අලුත් data එකක් දානකොට auto ම DateCreated field එක fill වෙනවා ඒ වෙලාව හා date එකට.මේ වගේ පොඩි සෙල්ලම් ටිකක් තියනව වැඩි විස්තර පසුවට.

තවද Design View එකට ගියාට පස්සේ   Ribbon now එකේ අලුත්  DESIGN tab තියනව. එකේ තියන  

 Primary Key

CustomerId field එකට වම්පැත්තෙන් key icon එක  තියනව බලන්න. එකෙන් කියන්නේ මේ field එක තමි primary key එක . ඒ කියන්නේ මේ column එක  unique,  සමාන data 2ක් නැත.  මේක ඉතා වැදගත් queries වලටයි  reports run කරනකොටයි.

Expression Builder

 අර පහල තියන කොටුවේ ඕනෑම field එකක click කලාම ඒ field එකේ වම් පැත්තෙ  ... button එකක් පෙනේවි. එකේ click කරලා Expression දාන්නත් පුළුවන්.



කලින් විදියටම Design View එකෙන් Datasheet View එකට මාරුවෙන්න පුළුවන් අර icon එක click කරලා.


next post එකෙන් නැවත හමුවෙමු. ස්තුතියි !



8 comments: